මීට වසර දහ තුනකට එපිටදී "රෝස වසන්තය" චිත්‍රපටයෙන් සිනමා ගමන ආරම්භ කළ බුද්ධික ජයරත්න ක්‌ෂේත්‍රය තුළ පසුගිය කාලයේ වඩාත් කතාබහට ලක්වුනා.
ඒ "හතරදෙනාම සුරයෝ" නව නිෂ්පාදනයේ අසහාය නළු ගාමිණි ෆොන්සේකා එදා කළ ප්‍රධාන චරිතය ප්‍රති නිර්මාණය කළ නිසාය. මේ දින වල රූපවාහිනියෙන් විකාශය වන "ඉටි මල්" ටෙලිනාට්‍යයේද ඔහු රඟපායි.
ඒඩ්ස් රෝගය නිසාවෙන් දුක් විදිනා මිනිසුන් ගැන කියවෙන චිත්‍රපටයක් ඉදිරියේදී තිරගත වීමට නියමිතය. "ස්වර" නම් වූ එම චිත්‍රපටයේ සමලිංගික තරුණයෙකුගේ චරිතයකට බුද්ධික ජයරත්න ට ආන්දෝලනාත්මක චරිතයකට දායකවී තිබේ
ඒ සිංහල සිනමාවේ ප්‍රථම වරට පිරිමින් දෙදෙනෙකු විසින් සිදුකල දෙතොල් සිපගැනීමේ දර්ශනයකට මේ වනවිට ඔහු පෙනීසිටීම නිසයි.
මේ පිළිබඳව ඔහු පවසන්නේ මෙවැන්නක්

ඒ චිත්‍රපටය තිරගත වනතුරු මගෙ බිරිඳ හරිම ආශාවෙන් බලාගෙන ඉන්නේ මගෙ රඟපෑම් දැකගන්න. අන්න ඒ වගෙ බිරිඳක් මට ඉන්නේ. මේ පුවත් පත් ලිපියේ සඳහන් නොවූ මගෙ තොරතුරු ගොඩක් ඇය දන්නවා. ඒ නිසා ඇය මං ගැන මොනවා අහන්න ලැබුණත් කලබල වෙන්නෙ නැහැ. ඇය හරිම බුද්ධිමත් කෙනෙක්. ඇය මගෙ ජීවිතේ ඉන්න තැනට ළංවන්න පුළුවන් කෙනෙක් මේ ලෝකෙ නැති බව ඇය දන්නවා."