Monday, December 31, 2012

රූ රැජිනක් වූ පමණින් නිළියක් වෙන්න බෑ || Sri Lankan Beauty Queen Vinu Udani

2012 ශ්‍රී ලංකා රූ රැජින (දෙරණ ටීවී රූ රැජින) කිරුළ පැළැඳි මේ සුරූපිය එහිදී රූ රැජිනට අමතරව ජනප‍්‍රිය කිරුළ සහ දක්‍ෂතම යන අංශයට හිමි කිරුළ ද හිමිකර ගත්තාය. ඒ සමගම පසුගියදා චීනයේ පැවැත්වූ සංචාරක රූ රැජින තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ඇය අවසන් දහදෙනා අතට ද තේරී පත්වූවාය. මේ සියල්ල සමග විනූ උදානී සිරිවර්ධන නමැති මේ නව යොවුන් සුරූපිය ගැන අද වැඩිදෙනා කතා වන්නේ ”පිපෙන මල්” ටෙලිනාට්‍ය නිසාය. එහි පාරමී ලෙස ජනප‍්‍රියව සිටින විනූ 

කොහොමද ඔබ කලා ක්‍ෂේත‍්‍රයේ ගමන ආරම්භ කළේ?
පාසලේදී ඉගෙනීමට අමතරව ක‍්‍රීඩා අංශයට ගොඩාක් දක්‍ෂ වුණා. පාසලේ ප‍්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙසත් කටයුතු කළා. ක‍්‍රීඩා අංශයට අමතරව නැටුම් සහ චිත‍්‍ර අංශවලටත් දක්‍ෂතා දැක්වූවා. 2011 අනුලා කුමරිය ලෙස සම්මාන ලැබුනෙත් මටයි.

මේ වනවිට මොනවද කරන්නේ?
 උසස් පෙළ හැදෑරවේ වාණිජ අංශයෙන්. දැන් සරසවි වරම් ලබා ප‍්‍රවේශය ලැබෙනතෙක් බලා සිටිනවා. ඒ විරාමය අතරේ තමයි කලා අංශයේ කටයුතු වලට දායක වන්නෙ.

ඇයි රූ රැජිණ තරග සඳහා එන්න හිතුනේ?
ඒක තරුණියකට ලැබෙන සුන්දර අවස්ථාවක්. සමාජය වෙනුවෙන් අනාගතයේදී යමක් කරන්න තබන පළමු පියවර වන්න පුළුවනි. එහිදී පළමුවරට සහභාගිවී, කිරුළ ලබන්න පුළුවන්නම් එය ලොකු වාසනාවක්. මට ඒ වාසනාව ලැබුණා.

රඟපෑමට ආවෙ රූ රැජින වූ නිසාද? ලස්සනයි කියලා හිතෙන නිසාද? නැත්නම් දක්‍ෂයි කියලා හිතෙන නිසාද?
ශ්‍රී ලංකා රූ රැජින තරගයට පෙනී සිටින අවස්ථාවේදීම ටෙලිනාට්‍ය රඟපෑමට ආරාධනා ලැබුණා. ඒත් ඒකාලයේ බාර ගත්තෙ නැහැ. රඟපෑමට ආසාවක් තිබුණා. හැබැයි ඒ වෙනුවෙන් දක්‍ෂතාවය තිබෙන්න  ඕනෑ. මගෙ දක්‍ෂතාවය ඒ මගින් පෙන්වන්න ඇත්නම් කියලා හිතුවා. මිස් ශ්‍රී ලංකා වුණාට පස්සෙ දෙරණෙම ”පිපෙන මල්” රඟපෑමට අවස්ථාව ලැබුණා. දැන් තවත් ටෙලි නාට්‍යයක රඟපෑමට ආරාධනා ලැබී තිබෙනවා.

මීට කලින් රඟපාලා නැති ඔබ මේ විදියට රඟපාන්න ආවාම මොනවගේ හැඟීමක්ද ඇතිවුණේ? රඟපෑම ගැන මොකද හිතුණේ?
 ලොකු අභියෝගයක් කියලා හිතුණා. පාසලේදී පවා නැටුම් කරලා තිබුණට රඟපෑම කරලා තිබුණෙ නැහැ. ඒත් මම අභියෝගය ජයගත්ත බව හැඟුණා. පළමු වතාවට මේ නාට්‍ය නිසා ප‍්‍රවීණයින් හඳුනා ගන්න ලැබුණා. ඒ අය මට ගොඩාක් උපදෙස් දුන්නා. ඇත්තටම ඒක මම ලබපු ලොකු වාසනාවක්. කවදාවත් ඒ වගේ ප‍්‍රවීණයින් එක්ක එකට වැඩ කරන්න ලැබේවි කියලා 


කොහොමද ”පිපෙනමල්” චරිතයට ලැබෙන ප‍්‍රතිචාර?
 ඉතාම ඉහළයි. මම කවදාවත් ඒ විදියට ප‍්‍රතිචාර ලැබේවි කියලා හිතුවෙ නැහැ. අද මගේ යෙහෙළියන් පවා මට කතා කරන්නෙ ”පාරමී” කියලයි.

කොහොම වුනත්, අද නිළිය, නිරූපිකාව, රූ රැජින කියන දේවල් හරිම සාමාන්‍ය වෙලා. එහෙම නේද? ඒ ගැන හිතන්නෙ කොහොමද?  
රූ රැජිනවීම හැමෝටම වෙන්න බැරි දෙයක්. මම හිතන්නෙ ඒකට ලස්සන විතරක් තිබුණාට මදි. බුද්ධිය, පෞරුෂය සහ දක්‍ෂතාවය ආදී සියල්ල තිබෙන්න  ඕනෑ. රූ රැජිනක් වූ නිසාම නිළියක වෙන්න බැහැ. ඒ වගේ අවස්ථා ලැබෙන්නෙ ටික දෙනාටයි. දෙරණ ටිවී මිස් ශ්‍රී ලංකා වීමත් එක්ක මේ සියල්ල ලැබීම ගැන මම නිහතමානීව සතුටු වෙනවා. කොහොම වුණත් නිළිය, නිරූපිකාව කියන චරිතයට වඩා තමාගේ චරිතයට මුල්තැන දීම ප‍්‍රධාන තැන වෙන්න  ඕනෑ. ඒක තියෙන්නෙ තමන්ගෙ අතේ.

ක්‍ෂේත‍්‍රයට ආවාම මොනව වගේ තැනක් කියලද හිතුණේ?
 ඇත්තටම මෙතැනට ආවාට පස්සේ තමයි මොනවගේ තැනැක්ද කියලා හරියටම තේරුණේ. හිතුවාට වඩා මෙතැන වෙනස්. හොඳ අය වගේම නරක අයත් ඉන්න වග වැටහුණා. කටකතා එමටයි. ඒ නිසා එහිදී හොඳ දේ විතරක් රැක ගැනීම අරමුණ වෙන්න  ඕනෑ.
සහෝදරකම තියාගෙන හැමෝටම ගරු කළානම් ප‍්‍රශ්න ඇතිවෙන්නෙ නැහැ.




Blog Archive