Sunday, April 7, 2013

වල් කොළ බිම අතුට නිදි නොලැබ දුක් තකා


කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කර හුළු අත්තක් පත් කරගෙන අළුයම කරවිට නගරයට අවුත් තේ කම්හල් ලොරියෙන් පාසලට  ගිය  රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයයේ කේ. සහන් ලක්ෂිත විජේවන්ත  මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවෙන්ම පස් වැනියා බවට පත්විය.  
කරවිට, පලාවෙල පොල්වත්තේ සිය ගෙදර සිට පාසලට ඇති දුර කිලෝමීටර 30කි.
ඔහුගේ පියා අසනීපයෙනි. මව තේ කම්හලක සුළු රැකියාවක් කරන්නීය.
තේවත්තේ ඉඩමක ටකරන් ගැසූ ගෙයක ඔහු සහ පවුලේ සාමාජිකයන් ජීවත් වෙයි. වැසිදාට ගේ තෙමෙන නිසා පාඩම් කිරීම ද ප්‍රශ්නයකි.
බොහෝවිට ඔහු පාසල් වෙලාවෙන් පසුව පාසලේ නැවතී පාඩම් කරන බව ද දැනගන්නට ලැබේ.
මහින්ද රාජපක්ෂ ජනපති ඔහුට ලැප්ටොප් පරිගණකයක් පිරිනැමූ නමුත් ගෙදරට විදුලිය නැත.
ඔහුගේ දුරකතනය - 071 183 38 78 
මහජන බැංකුවේ කරවිට ශාඛාවේ ගිණුම් අංකය - (කේ එස් ලක්ෂිත විජේවන්ත) 478-209-062792-7


ජිවිතය වෙනුවෙන් අපරිමිත ශක්තියක් ඇති නුබට දෙවිපිහිටයි මල්ලියෝ

Blog Archive