Wednesday, March 27, 2013

සැමියන් පස්දෙනෙකු සමඟ ජීවත්වන බිරිඳක්

සැමියන් පස්දෙනෙකු සමඟ ජීවත්වන බිරිඳක්

ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ දෙරාදුන් ග්‍රාමයේ වෙසෙන විසි එක් හැවිරිදි තරුණ කාන්තාවක් සැමියන් පස්දෙනෙකු සමඟ දිවි ගෙවන පුවතක් වාර්තා වනවා. මෙම සැමියන් පස්දෙනාම සහෝදරයින්ය.

      මීට වසර හතරකට පමණ පෙර හින්දු ආගමික චාරිත්‍රානුකූලව ඇය මුලින්ම විවාහ වී ඇත්තේ ගුඩ්ඩු වෙර්මා නැමැත්තා සමඟයි.  ඉන්පසු ඇය සිය සැමියාගේ අනෙකුත් සහෝදරයින් වන බයිජු වෙර්මා, සාන්ත් රාම් වෙර්මා,

ගෝපාල් වෙර්මා හා දිනේෂ් වෙර්මා සමඟ විවාහ වී ඇත.  මෙම සහෝදරයින් පස්දෙනාගෙන් වැඩිමලා වන්නේ බයිජු වෙර්මායි. ඔහු තිස් දෙවැනි වියේ පසුවේ. මොවුන් අතුරින් බාලම සහෝදරයා දිනේෂ්ය. ඔහු තවමත් දහ නව හැවිරිදිය.

       මොවුන් සියලුදෙනාගේ එකම බිරිය වන රාජෝ වෙර්මා හට මේ වන විට අවුරුදු එක හමාරක් පමණ වයසැති දරුවකු සිටින අතර එම දරුවා කුමන සැමියාගෙදැයි ඇය නොදන්නා බව මාධ්‍යට පවසා තිඛෙනවා.

      මගේ මවත් සහෝදරයින් තිදෙනෙකු සමඟ විවාහ වී සිටියා. මම විවාහ වන විට දැනගෙන හිටියා මේ සියලුදෙනා මගේ සැමියන් ලෙස භාරගන්න වෙයි කියලා. මම ඔවුන් සමඟ මාරුවෙන් මාරුවට නිදා ගන්නවා. අපිට ඇඳන් නැහැ. බිමට රෙදි ඇතිරිලි දාලා තියෙනවා.  කෙසේ වෙතත් මම අනෙකුත් බිරින්දෑවරුන්ට වඩා අදරය හා අවධානය වැඩි පුර ලබා ගෙන තිඛෙනවා. ඇය වැඩිදුරටත් පවසයි.
        මේ අතර ඇයගේ ප්‍රථම සැමියා පවසන්නේ මෙවැන්නකි.

                අපි සියලුදෙනාම ඇය සමඟ ලිංගික සබඳතා පවත්වනවා. නමුත් මට කිසිම ඊර්ෂ්‍යාවක් නැහැ. අපි සතුටින් ජීවත්වන ලොකු පවුලක්...
      මේ සියලුදෙනාම ජීවත් වන්නේ ඉතා කුඩා නිවසක වන අතර පිරිමින් පස්දෙනාම කම්කරුවන් ලෙස සේවය කරති.

Blog Archive