
මැණික් ඔබගේ සම්පූර්ණ නම
මැණික් විජේවර්ධන
මැණික් විජේවර්ධන
රත්නපුරය
මහනුවර ලක්පහන, නුවරඑළිය පේන්ටර් සහ රත්නපුර කොන්වන්ට් එකට ගියේ.
මම පවුලේ වැඩිමලා. නංගිලා තුන්දෙනයි, මල්ලියි, අම්මා - තාත්තා ව්‍යාපාර කටයුතුවල නියැලෙනවා.
කලා අංශයෙන් උසස් පෙළ කළේ. මගේ ආසාව වුණේ හෙදියක වීමටයි. අවුරුද්දක් විතර හෙදියක ලෙස කටයුතු කළා. දැන් රැකියාවක් කරන්නෙ නැහැ. විවාහයට සූදානමින් සිටින්නෙ. එයාගෙ ව්‍යාපාරයේ කටයුතුවලට සහය වෙනවා.
දැන් නුගේගොඩ.
අනිත්‍යා චිත‍්‍රපටයේ රඟපෑමට එක්වීම නිසයි. ඉන්පසුව නාලක විතානගේ අයියාම අධ්‍යක්ෂණය කළ දෙවැනි චිත‍්‍රපටයෙත් රඟපාන්න ලැබුණා. උදයකාන්ත වර්ණසූරිය කොස්තාපල් පුණ්‍යසෝම චිත‍්‍රපටයෙත් රඟපෑවා.
මගෙ නම තිලංකා ලක්මිණි විජේවර්ධනයි. ඒත් කුඩා කාලයේ ඉඳලාම හුරතලයට අම්මා තාත්තා මට කිව්වෙ මැණික් කියලයි. ඒ නම භාවිතයට ආවා.
නැහැ.
මෙම චිත‍්‍රපටයේ රඟපෑමට පෙර රූපවාහිනි දැන්වීම් වල සහ පාසැල් වේදිකාවේ රඟපාලා තිබුණා. ඒ දේවල් නිසා නිර්මාණකරුවන් තමුන්ගෙ නිර්මාණයට ගැලපෙන චරිත සොයා යද්දී මගේ රුවත් ගැලපෙන්න ඇති. මෙම චිිත‍්‍රපටයට පෙර තවත් චිත‍්‍රපට දෙකක විතර රඟපෑමට ලැබුණා. ඒත් පිටපත කියවීමෙන් පසු මට දැනුණෙ මේ චිත‍්‍රපටයයි. ඒ නිසා අනිත්‍යා චරිතය බාර ගත්තා.
මෙය මනඃකල්පිත හෝ ආරූඪ කරවූ චරිත සමග මැවූ චිත‍්‍රපටයක් නෙවෙයි. සමාජයේ සැබෑ ලෙස දකින ජීවමාන එහෙත් අපි ඒවා ගැන වැඩිපුර කතාබහ නොවන චරිතයි. සරලවම කිව්වොත් හිස්නැති චරිතයි. ඇත්ත ඇති සැටියෙන් කතා කරන චරිතයි.
කැමරාව ඉදිරියට ගිහින් රඟපෑම ලෙහෙසි නැහැ. චරිතයට ප‍්‍රවේශ වී එහි ජීවත් වෙන්න ඕනෑ. එය ඇත්තටම අමාරු දෙයක්.
මගේ හැකියාව අධ්‍යක්ෂ නාලක අයියා ප‍්‍රමුඛ මේ චිත‍්‍රපටයේ පිරිස එළියට ගන්න ඇති. ඇත්තටම ඒ අය මට උදව් කළා කිව්වොත් හරි. ඊට අමතරව චරිතයේ ජීවත් විය යුතු තැන්වල මම ජීවත් වුණා. ඒත් චරිතය රඟපාලා ඉවර වුණාම සියයට සීයක්ම මට ඒ ගැන සතුටු වෙන්න බැහැ. තවත් බොහෝ දේ කරන්න තිබුණා නේද කියලා හිතුවා.

සිනමාවට මම ආසයි. ඒත් විශ්වාස කරන්න, මම වැඩිපුර කැමති කාටුන් නැරඹීමටයි.
ඇත්තටම ලංකා සමාජයේදී අපට සියල්ල කළ හැකි වන්නේ එක්තරා සීමාවකට මැදිවෙලයි. ඒ සීමාව කඩාගෙන අපට අපේ හරවත් සංස්කෘතික බැම්මෙන් පිට පනින්න බැහැ. ඒ සියල්ල රැකගෙන කළයුතු දේ කිරීම තමයි වඩා හරවත්.
ඉතාම සරලයි, පොළවේ පය ගහලා ඉන්න කෙනෙක්.
අම්මයි තාත්තයි මෙහි පිටපත කියෙව්වා. අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. හොඳ තැන් පෙන්වලා දුන්නා.
මගේ නිදහසට බාධා කරගන්න මම කොහොමටත් කැමති නැහැ. මම ජනප‍්‍රිය ලේබලය පස්සෙ යන කෙනෙක් නෙවෙයි.
අපට මොන සැප සම්පත් තිබුණත්, ජීවත්වන ටික කාලය ඉතා ගුණ යහපත්, සහ හොඳින් ජීවත්වීම තමයි වැදගත්. මගේ චේතනාව එයයි.
හැඩගැන්වීම් - සැලොන් චන්දිමාල් (කෙවින්)