ලෝචනා කියලා තමයි ගොඩක් අය කතා කරන්නෙ. ඊට අමතරව ප‍්‍රගති කියලත් කතා කරනවා කාව්‍යා නාට්‍යයේ රඟපෑව චරිතය හින්දා.
ඇත්තෙන්ම ඔව්. ඒ කාලයේ ඉගෙන ගත්තෙ ඒ අංශයට අදාලවයි. ඒත් උසස් පෙළ ලියලා ප‍්‍රතිඵල එන්නත් කලින් සිරසට සම්බන්ධ වෙච්ච නිසා ගමන වෙනස් වුණා. ඊට පෙර ළමා නිවේදිකාවක ලෙසත් ස්වර්ණවාහිනියේ කටයුතු කළා. රඟපෑමට යොමුවුණේ සිරසෙ වැඩසටහන් නිවේදනයට පැමිණීමත් සමගයි.
වැඩ සටහන් නිවේදන කටයුතු කිරීම අවුරුදු හතරක් විතර එක දිගට කළා. රඟපෑම බාරගත්තාම තව තවත් නාට්‍ය එකදිගට ලැබුණා. ඒ නිසා දිගටම රඟපෑමේ අංශය තෝරා ගන්න හිතුවා.
අපේ තාත්තා ඒ කාලයේදී වේදිකා නාට්‍යවල රඟපාලා තියෙනවා. රඟපෑමට ඒමට උදව් කළේ වගේම, රඟපෑම ගැන මට බොහෝ දේ කියලා දුන්නෙ තාත්තා.
ඒක ඇත්ත. ඒත් හැමෝටම රඟපාන එක කරන්න බැහැ. රඟපෑම ඒ විදියට හරියට කරන්න බැරි නම් ක්ෂේත‍්‍රයේ රැඳී ඉන්නත් බැහැ. ටෙලි නාට්‍යවලට අමතරව වේදිකා නාට්‍යයක රඟපෑමේ ආසාව මට තිබුණු දෙයක්. අපේ ප‍්‍රවීන රංගන ශිල්පිනී රම්‍යා වනිගසේකර නිසා ආර්.ආර්. සමරකෝන් ශූරීන්ගේ ”දුවිලි” නාට්‍යයේ නව නිර්මාණයේ රඟපාන්න ලැබුණා. ඉන්පසුව රංජිත් ද අල්විස් මහතාගේ සිල්ගත් කොක්කු සහ හෙක්ටර් කුමාරසිරි මහතාගේ ”බිසෝ” නව නිර්මාණයේ රඟපාන්න ලැබුණා.
මට නම් හිතෙන්නෙ ක්ෂේත‍්‍රය නෙවෙයි වැදගත්. අපි කොතැනද ඉන්නෙ? මොනවද කරන්නෙ? කියන එකයි. අපි හරි නම් කොතැන සිටියත් කාටවත් මොනවත් කියන්න බැහැ.
කොහෙත්ම නැහැ. අපි හැසිරෙන විදිය සහ චරිත ස්වභාවය සියල්ලට බලපානවා. මගේ ගමන හෙමින්. කවුරුත් කපාගෙන, කේලාම් කියාගෙන කවුරුවත් තරහා කරගෙන ගමනක් යන කෙනෙක් නෙවෙයි. අපට මේ ක්ෂේත‍්‍රයේදී ඉවසීම ඉතා වැදගත්.
මම එහෙම නැති නිසා මට ඒ ගැන කියන්න බැහැ. සමාජයේ ඕනෑම කෙනෙක් එක්ක මම හරි සුහදයි. සමාජයේදී අපි කවුරුත් සාමාන්‍යයි. ඒ සුහද බවට මම හරි ආසයි.
ඇත්තටම නැහැ. ඒ නිසා මට දැනෙන්නෙ ලොකු සතුටක් විතරයි. ඒක ඇත්තටම පිනකට ලැබෙන දෙයක්.
බොහොම සාමාන්‍ය විදියට ඉන්න කැමති කෙනෙක්. චාම් ජීවිතයකට මම හරි ආසයි.
හරි විදියට, හරි දේ කරලා සිටියොත් හැමදාටම හොඳ නම රැකේවි.
නිරෝෂා විරාජිණියගෙ ඒ ගීතයට මං ආසයි තමයි.
හැඩගැන්වීම - නිලූ කොඩිකාර