සේමිණි ඉද්දමල්ගොඩ මේ දිනවල මොනවද කරන්නෙ? කියලා ඇයගෙන් ඇහුවාම, ඇය අපට කිව්වෙ ”සිනහව අතරින්” කියලයි. ටෙලි නාට්‍යවලට පසුගිය කාලයේදී වැඩිපුර දායක නොවූ සේමිණි ”සිනහව අතරින්” කියලා කිව්වෙ කුමකටද? මේ පිළිසඳරට ඒ ගැන සහ තවත් විස්තර ඇය කියාවි.
”සිනහව අතරින්” සනත් ගුණතිලක මහතාගේ අලූත්ම සිනමා නිර්මාණයයි. මේ දිනවල එහි රඟපෑම් වලට දායක වෙනවා. ටෙලි නාට්‍යයකට නම් අවුරුදු දෙකහමාරකින් විතර දායක වුණේ නැහැ. ඒත්, චිත‍්‍රපට හතරකට විතර දායක වුණා. මීට පෙර රූගත කළ ප‍්‍රසන්න ජයකොඩිගෙ ”38 - ශ්‍රී” චිත‍්‍රපටයේ රඟපෑවා. හොඳ නිර්මාණයක් නොලැබුණ නිසා කාලය ගෙවී ගියා. මට දැනෙන චරිතයක්, රංගනයෙන් උපරිම දෙයක් ඉදිරිපත් කළ හැකි චරිතයක් ලැබුණොත් බාර ගන්නවා. මෙහි ප‍්‍රධාන චරිත හැටියට තිබෙන්නෙ චරිත තුනක් විතරයි. සනත් ගුණතිලක, ක‍්‍රිස් හැරස් සහ මම ප‍්‍රධාන චරිත රඟපානවා. මෙම කතාවෙ හැටියට කාන්තාව විවාහ වී සිටින්නෙ සුදු ජාතිකයෙකු සමගයි. වගකීම් පැහැර හරින විට සිදුවන පේ‍්‍රමාන්විත කතා පුවතක් මීට ඇතුළත්. මාත් ඉතිං ඉතාම සාධාරණව ජීවත් වෙන්න උත්සාහ ගන්න කෙනෙක්. බොහොම සුන්දර තැනැක්. සුන්දර මිනිසුන් වගේම එක එක අධ්‍යාපන මට්ටම්වල සිටින අයත් සිටිනවා. ඒත් සුන්දර තැනක්. ලබන අත්දැකීම් බොහොමයි. බැඳීම් බොහෝදුරට අඩුයි. තියෙන්නෙ හිත මිත‍්‍රකම් විතරයි. දුකට සැපට තරා තිරම නොබලා ඕනෑම කෙනෙකුට මගෙන් උදව්වක් ඕනෑ වුනොත් පුළුවන් විදියට පිහිට වෙනවා. ඒ වගේම අසාධාරණයකදී ඕනෑම කෙනෙක්ට මගේ සීමාවේ සිට පෙනී සිටිනවා. ඇත්තටම මම නඩු කියන්න උසාවි යන්න කැමති නැහැ. ඒවා හරිම කරදර දේවල්. ඒත් මට මගේ පවුලට වෙච්ච අපහාසය වෙනුවෙන් මට වෙන යමක් කරන්න තිබුණෙ නැහැ. මේ නීතියේ පිහිට හැර. ඔව්. නාට්‍ය තුන හතරක වගේ රඟපාලා තියෙනවා. සුදත් රෝහණ මහතාගේ ස්වයංජාත නාට්‍යයේ මගේ හොඳම යෙහෙළියක ලෙස රඟපෑවා. හොඳ යාළුවෝ වුණා. සහෝදරාත්මකව අපි ඒ නාට්‍යයේ රඟපෑවා. ඇත්තටම එවැනි දේවල් හොඳ නොවෙන්න පුළුවනි. හොඳ නැති වෙන්න ඇති. ඒත් මගේ පසුබිම සහ මා පත්වූ තත්ත්වය මත සාධාරණ තීන්දුවක් මම ගත්තෙ. වැරැද්ද සිදුවූ පසු එය නිවැරදි කරගන්න පුළුවන් දෙයක් නොවෙන්න පුළුවන්. මේ සිදුවීම නිසා මගේ සැමියා ධම්මික ඉද්දමල්ගොඩ නොවන්නට මගේ පවුල දැනටමත් කැඩිලා. අපි දෙන්නා අතර තියෙන බැඳීම හරි ඉහළයි. මම අඬනකොට එයා මාව සැනසුවා. ඉතාම සුන්දරව සැහැල්ලූවෙන් හරිම සරලව ගෙවී යනවා. ඒත් තව දෙයක් කියන්නම ඕනෙ. මගේ නමින් ෆේස්බුක් අඩවියේ වෙනත් අය පෙනී සිටිනවා. මම වගේ පෙනී සිටිමින් බොරු ප‍්‍රචාර, මඩ ප‍්‍රචාර යවනවා. ඒවාට අහුවෙන්න එපා කියලා මම මගේ ආදරණීය රසිකයින්ට කියනවා. |
දමිතා මේ දිනවල මොනවද කරන්නෙ? අපි ඇයගෙන් එහෙම ඇහුවාම ඇය කිව්වෙ රංගනයේ සුවිශේෂී චරිතයක් ඇයට ලැබී ඇති බවයි. ඊට අමතරව සිවගුරුනාදන්ගෙ ටෙලිනාට්‍යයක සහ ෂර්ලි පී. දෙලංකාවලගේ ටෙලි නාට්‍යයකටත් රංගනයෙන් එක්ව සිටින දමිතා විදේශීය සංචාරයකටත් ලහි-ලහියේ සූදානම් වෙනවා. මේ සියල්ල අතරේ සඳැල්ල පිළිසඳරකට ඇය එක්වූයේ මෙලෙසිනි.
හොඳින් ඉන්නවා. කේ.බී. හේරත් මහතා නිර්මාණය කළ රාජ්‍ය සම්මාන ලැබුව ”මායාදේවි” නාට්‍යය නැවත වේදිකාගත කිරීමට සුසිල් අයියා සූදානම් වෙනවා. එහි එදා ප‍්‍රවීන රංගන ශිල්පිනී ගීතා කාන්ති ජයකොඩි රඟපෑ චරිතය මෙවර ලැබී තිබෙන්නෙ මටයි. එය ඇත්තටම මට සුවිශේෂී අවස්ථාවක්. ඒ අවස්ථාව මට ලැබුණේ තවත් ප‍්‍රවීන රංග ශිල්පිනියක වන මාලි ජයවීරගේ නිසයි. බොහෝ දෙනා කුහකකම් කරන මොහොතක ක්ෂේත‍්‍රයේ ඒ වගේ ගුණයහපත් අය ඉන්න එක ගැන මට තියෙන්නෙ ගෞරවයක්. සමස්තයක් හැටියට කලා ක්ෂේත‍්‍රය හරිම සුන්දරයි. එක් කෙනෙක් - දෙන්නෙක් කරන දේ නිසා සමස්ත කලාව ගැන මම කළකිරෙන්නෙ නැහැ. පැහැදිලිව දැන් කවුරුත් දන්නා දෙයක් මම ප‍්‍රශ්නයකට මුහුණදීලා කියලා. හැබැයි මේ වෙලාවේ ප‍්‍රවීනයින්, මගේ සමකාලීනයින්, ඉන් පසුව ආ පරපුරේ අය ඇතුළු බොහෝ දෙනා මේ ප‍්‍රශ්නය මොකක්ද කියලා මගෙන් ඇහුවා. ඒ සියලූම දෙනාගෙන් මට ලැබුණු ගෞරවය ශක්තිය වගේම රසික පිරිසගෙන් ලැබෙන ආදරය ගැනත් මේ මොහොතේ සිහිපත් කරන්නම ඕනෑ. ඇත්තටම මේක මෙච්චර දුරදිග යා යුතුව තිබූ දෙයක් නෙවෙයි. සමහර ඕපාදුප වෙබ් අඩවි රටේ චරිත අල්ලාගෙන එයාලගෙ ආත්ම ගෞරවය විනාශ කරන බොරු පුවත් නිරන්තරයෙන් දානවා. මා ගැනත් ඉතා අසභ්‍ය පුවත් පසුගිය දෙසැම්බර්වල සිට ප‍්‍රචාරය කරලා තිබුණා. හරි නම් මමයි ඒවාට එරෙහිව නඩුදාන්න ඕනෑ. මේ ප‍්‍රශ්නයට අදාළ අනෙක් පාර්ශ්වය ගැන වෙබ් අඩවියක් පුවතක් ගොතා, එම පුවතට අදාළව මගේ ඡායාරූපයක් බොඳකර යොදා තිබුණා. ඒක හරියට වෙබ් සයිට්වලට මම දීපු ප‍්‍රකාශයක් වගෙයි. මම මේ සදාචාරයක් නැති වෙබ් සයිට්වලට ප‍්‍රකාශ දෙන්න යන්නෙ නැහැ. ඕවා බලන්නෙත් නැහැ. කොහොම වුණත් ඒ පුවත ඒ කියන වෙබ් එක කළා ද, නැත්නම් වෙන කෙනකුගේ වුවමනාවට කළා ද කියලා තවම දන්නෙ නැහැ. මොන විදියට වුණත්, ඒවා ආගම දහම නොහඳුනන අයගෙ ආත්මයක් නැති වැඩ. එක්තරා අවස්ථාවක මම පුද්ගලික ගුවන් විදුලි නාලිකාවක වැඩ සටහනකට එක්වුණා. එක්වුණාම මේ සිද්ධිය ගැන ඇහුවාම මම දුන්න උත්තරය එයයි. එහිදී කිසිම කෙනකුට අපහාස කරලා නැහැ. ඇත්තටම මේ වගේ දේවල් කරල කවුරු හරි හදන්නෙ අපි කොටවන්න නම්, මේ ක්ෂේත‍්‍රයේ සිටින කාගේත් ගෞරවයට - ආදරයට පත් ප‍්‍රවීනයෙක්, මෙය කතා කරලා විසඳාගන්න සාකච්ඡුා කළා. නමුත් මේ පාර්ශ්වයට එය විසඳාගන්න ඕනෑ වුණේ නැහැ. මාධ්‍ය මගින් මට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග අරගෙන කියලා තිබුණට, මේ දක්වා මට නම් නීතිමය ලියැවිල්ලක් ලැබී නැහැ. (2013.03.25)සහතිකෙන්ම මම අසත්‍ය බොරුකියලා නැහැ. හැමදේකටම වඩා හෘද සාක්ෂිය ප‍්‍රබලයි. අද දක්වා අවුරුදු 30ක් විතර පුරාවට මම කලා ක්ෂේත‍්‍රයේ නිරතව සිටිනවා. මගේ දක්ෂතාවය මත ජනතා සම්මාන, ජනප‍්‍රිය සම්මාන, රාජ්‍ය සම්මාන විතරක් නොවෙයි, ජාත්‍යන්තරව පවා මම රටට සම්මාන ගෙනැත් තියෙනවා. ඒ විදියට හොඳට ඉන්න එක ගැන දරාගන්න බැරි අය කළ දේවල්වලට මම වග කියන්නෙ නැහැ. මිනිස්සුන්ට වැරදුණ තැන් ඇති. ඒත් මේ සත්‍ය නොවන වෙබ්අඩවි වලින් සමාජයට දිය යුත්තේ යහපත් ආකල්පයි. මේ වෙබ් අඩවි විතරක් නොවෙයි., මේ බොරු පුවත්දාන ඒවා වෙනුවෙන් කමෙන්ට්ස් දාන අය ඊට වඩා හිස් චරිතයි. මානසික ලෙඞ්ඩු වගේ අයයි. එහෙම තමයි විය යුත්තෙ. ඒත් ප‍්‍රශ්න විසඳාගන්නෙ මේ විදියට නම්? මගේ නීතිමය අයිතිවාසිකම්, කීර්තිනාමය උදෙසා මාත් කටයුතු කරාවි. සත්‍යය කවදා නමුත් ජයගන්නවාමයි. සල්ලිවලට කරන දේවල් තාවකාලිකයි. සත්‍ය දිනය එළැඹෙනදාට මම උත්තර දේවි. විවාහ උත්සවය ගන්න සූදානම් වෙනවා. ඒ සියල්ල අතරේ ලැබූ මේ අතිරේක ජනප‍්‍රියත්වය මම සළකන්නෙ ධන ලකුණක් ලෙසයි. මම ඵල ඇති රුකක් වෙන්න ඇති. ඒක නෙ මෙවැනි දේ වෙන්නෙ. ගහේ අතු කපා දාන්න එක එක දේ වෙන්න පුළුවනි. ඒත් මගේ ජීවිත අරටුව මහා ශක්තිමත්. අතු ලියලාවි, පෙරටත් වඩා ශක්තිමත් වේවි. |