හෙම්මාතගම හරන්කහව ප්‍රදේශයේ 16 හැවිරිදි දැරියට ලිංගික අතවර කිරීමේ සිද්ධියට සම්බන්ධ ඇගේ පියා හා පෙම්වතා ලබන 12 දා දක්‌වා තවදුරටත් රක්‌ෂිත බන්ධනාගාර ගතකර තබන ලෙසට මාවනැල්ල දිසා විනිසුරු හා මහෙස්‌ත්‍රාත් ශ්‍රීනිත් විඡේසේකර මහතා විසින් නියම කරන ලදි.
එම තරුණියගේ මව විදේශගතව සිටියදී අවස්‌ථා ගණනාවකදී ඇගේ පියා විසින් අතවර කර ඇති බවත් ඒ පිළිබඳව පොලිස් පරීක්‍ෂණ පැවැත්වීමේදී ඇගේ පෙම්වතා විසින් ද ඇයව ලිංගික අපයෝජනයට ලක්‌කර ඇති බවත් අනාවරණය වි ඇත.
හෙම්මාතගම පොලිස් ස්‌ථානාධිපති පො. ප. ධම්මික බණ්‌ඩාර කන්දවත්ත, කාන්තා හා ළමා කාර්යාංශයේ කාන්තා පොලිස් සැරයන් (3778) විඡේසේකර හා පො. කො. (5442) ධම්මිකා යන මහත්ම මහත්මීහු මේ පිළිබඳ පොලිස් විමර්ශන කටයුතු සිදු කරති.
(c) Divaina