අනියම් සම්බන්ධතාවක් පැවැත්වූ කාන්තාවගේ නිරුවත් ඡායාරූප ගෙන ඒවා අන්තර් ජාලයට දමනවා යෑයි බිය කර වරින් වර එම කාන්තාවගෙන් රුපියල් ලක්‍ෂ 20 කට අධික මුදලක් ලබාගත් යුධ හමුදාවෙන් පලා ආ පුද්ගලයකුට ගම්පොල ප්‍රධාන මහෙස්‌ත්‍රාත් වසන්ත කුමාර මහතා රුපියල් ලක්‍ෂ 5 බැගින් ඇප දෙකක් නියම කොට එම පුද්ගලයා පල්ලේකැලේ යුධ හමුදා කඳවුරට භාර කරන ලෙස නියෝග කළේය.
සැමියා විදේශ ගතවූ එක් දරු කාන්තාවක සමග අනියම් සම්බන්ධතාවක් පවත්වා ඇති මොහු එම කාන්තාව ගම්පොල ප්‍රදේශයේ ලැගුම්හලකට ගෙන ගොස් මෙසේ නිරුවත් ඡායාරූප ගෙන තිබේ.
දිගින් දිගටම මොහු මෙසේ බියකර මුදල් ඉල්ලීම නිසා මෙම කාන්තාව සතු රන් භාණ්‌ඩ උකස් කොට එම මුදල්ද ලබාදී ඇති අතර පසුව පොලියට හා ණය වී මුදල් ලබාගෙන මෙම පුද්ගලයාට දී ඇති බවද පරීක්‍ෂණ වලින් අනාවරණය වී ඇත.
මෙම පුද්ගලයාගෙන් බේරීමට නොහැකි තැන වරක් මෙම කාන්තාව ඖෂධ අධික ප්‍රමාණයක් පානය කොට සිය දිවි හානි කර ගැනීමට පවා උත්සාහ දරා ඇත.
සැමියා විදේශ ගතව සිට එවූ සියලු මුදල් හා කාන්තාව සතු මුදල් හා රන් භාණ්‌ඩ ද අහිමි කරගෙන බොහෝ දෙනෙකුට ණය වී සිටි මෙම කාන්තාව අවසානයේ පොලිසියේ පිහිට පතා පැමිණිලි කිරීම නිසා මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබිණි.
නැවත නඩු දිනය ලෙස මැයි මස 29 දිනට කල්තබා ඇත.
ගම්පොල කොට්‌ඨාස භාර පොලිස් අධිකාරි ගාමිණී පෙරේරා, සහකාර පොලිස් අධිකාරි චූලනි වීරරත්න, ගම්පොල පොලිස් ස්‌ථානාධිපති චන්ද්‍රdජයවීර යන මහත්වරුන්ගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්‌ථානාධිපති ඩී. එන්. කාංගර, උ. පො. ප. ලලිත් සුමනවීර, පො. සැ. 6371 බන්ඩාර, පො. කො. 72227 වීරසේකර, කා. පො. සැ. 1718 රෝහිණී ඇතුළු නිලධාරී කණ්‌ඩායමක් පරීක්‍ෂණ පැ
වැත්වූහ.