Friday, March 15, 2013

උපෙක්ශා ස්වර්ණමාලිගේ විවාහය


කතෝලික පසුබිමක හැදුණු තමා නැවතත් විවාහ වන්නේ නම් එම විවාහය සිදු කරන්නේ කතෝලික හෝ කිතුණු දහම අදහන අයෙකු සමඟ පමණක් බව ජනපි්‍රය රංගන ශිල්පිනී හා පාර්ලිමේන්තු මන්ති්‍රනී උපේක‍ෂා ස්වර්ණමාලි පවසන්නීය.


තම පළමු විවාහය බෞද්ධාගමිකයෙකු සමඟ සිදු වූයේ තම මවගේ අකමැත්ත මත බව ඇය පුවත්පතකට පවසා තිබේ.

නැවත හොඳ විවාහ ජීවිතයක් ගත කිරීමට තමන්ගේ ඇති බලාපොරොත්තු ගැන අදහස් පළ කරමින් ඇය කියා ඇත්තේ, කඩිමුඩියේ එවැන්නක සිදු නොකරන බවයි.

zzමම සමාජයේ විවිධ පුද්ගලයින් සමග කටයුතු කරන කෙනෙක්. පසුගිය වකවානුවේ මගේ නම ඇඳලා බොහෝ කට කතා හැදුනා. මාත් සමග මිතුරන් විදිහට සුහද වෙච්ච බොහෝ අය ඉන්නවා. නමුත් මගේ එහෙම විශේෂ ඇල්මක් ඒ අය කෙරෙහි නැහැ,යනුවෙන් උපේක‍ෂා පවසා ඇත.

තම විවාහ ජීවිතයේ සමහර ගැටුම්වලට ආගමත් ප්‍රශ්නයක් වූ බව කියා සිටින ඇය, ඒ zzවිශේෂයෙන්ම මගේ අම්මා කැමති වෙන කෙනෙක් සමඟ බව අවධාරණය කර සිටින්නීය.

මගේ ප්‍රථම සැමියාට මුලදී මගේ අම්මා අකමැති වුණා. අම්මා කියපු දේවල් දැන් තමයි මට තේරෙන්නේ, යනුවෙන් ඇය පවසා තිබේ.

Blog Archive